අධිකරණයේ තිබූ යතුරුපැදියක් සොරකම් කළ තිදෙනෙක් අල්ලයි
පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ TW වර්ගයේ ජපන් යතුරුපැදියක් සොරකම් කර කොටස් කර විකුණු සැකකරුවන් තුන්දෙනෙකු (17) දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි.
මල්වාන ප්‍රදේශයේ පදිංචි යතුරුපැදියේ හිමිකරු විසින් නඩු කටයුත්තකට අදාළව උසාවි භූමියේ තිබූ තම යතුරුපැදිය එම ස්ථානයේ නොමැති බවට පසුගිය මස 14 වැනි දින පොල්ගහවෙල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහිදී පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ යතුරුපැදියේ කොටස් වලට ගලවා මෙම සැකකරුවන් විසින් පොල්ගහවෙල ප්‍රදේශයේම පුද්ගලයෙකුට යතුරු පැදියේ කොටස් අලෙවි කර ඇති බවට අනාවරණය කරගෙන ඇත.
එම තොරතුරු මත සැකකරුවන් හා යතුරුපැදියේ කොටස් සොයා ගත් බව පොලිසිය පවසන අතර අත්අඩංගුවට පත් සැකකරුවන් පොල්ගහවෙල ප්‍රදේශයේම පදිංචි 30,31,42 යන වයස්වල අධික මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයන් බව පොලිසිය පවසයි.
පොල්ගහවෙල පොලිසියේ කොට්ඨාස බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී විජේසූරිය මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත උ.පො.පා අජිත්,පො.සැ.(56413) බණ්ඩාර,පො.සැ.(52528) ආරියතිලක,පො.කො(91076) කුමාර යන නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හා යතුරුපැදියේ කොටස් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලව්ව - අධිකාරි මුදියන්සේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

