විවෘත අධිකරණයේ කෑ ගසමින් අධිකරණයේ කටයුතු වලට බාධා කළ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් මතුගම ප්රධාන මහේස්ත්රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද (22දා) නියම කළේය.
දොඩන්ගොඩ පොලිස් වසමට අයත් පයාගල ,ඇලදුව පාසල අසළ පදිංචි ගුණසිංහගේ ප්රදීප් වසන්ත සිල්වා නමැති 60 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ සිර දඬුවම් නියම විය.
පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාවට මතුගම පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරු විවෘත අධිකරණයේ දී කෑ ගසමින් අධිකරණයේ කටයුතු වලට බාධා කිරීම නිසා මහේස්ත්රාත්තුමියගේ නියෝග මත අධිකරණයේ කටයුතු භාර නිලධාරියා විසින් මෙම සැකකරුට එරෙහිව චෝදනා පත්රයක් අධිකරණයට ඉදිරිපත් කළේය.
එම චෝදනා පත්රය අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සැකකරු වරදකරු බවට අධිකරණය පිළිගැනීමෙන් අනතුරුව සැකකරුට බරපතල වැඩ සහිතව වසර 3 ක සිර දඬුවම් නියම කිරීමට මතුගම මහේස්ත්රාත් අධිකරණයේ ප්රධාන මහේස්ත්රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය නියෝග කළේය.
මතුගම බන්දු තඹවිට