අධිකරණ නියෝගයකට අවනත නොවී අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අවුරුදු 39ක නීතිඥවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වැල්ලවත්ත පොලිස් වසමේ කවිරත්න ප්‍ර දේශයේ නිවසක භුක්තිය සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔවුන්ගේ රාජකාරියට මෙම නීතිඥවරයා බාා කර තිබේ.
ඒ අනුව අධිකරණ නිලධාරීන් ඉදිරිපත් කළ පැමිණිල්ලකින් පසුව අවුරුදු 39ක් වන සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (02දා) අත්අඩංගුවට ගත් සැකකරු අද (03දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.