පොළොන්නරුව පොලිස් වසමේ බුද්ධිමණ්ඩපය ඉදිරිපිට ඇති 01 ඇලෙහි 2025.12.01 වන දින රාත්රී කාලයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු සැඩ පහරට හසු වී අතරුදන් වී ඇති බවට පොළොන්නරුව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 31 ක් වූ මඩොල්සිම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තම ලොරි රථයකින් මෙම ස්ථානයට පැමිණ ඇති අතර තම රිය සහයකයා සමඟ දිය නාමින් සිටියදී මෙසේ අතුරුදන් වී ඇත. මෙම ඇලෙහි ජල පහර අධික වේගයකින් ගලා යන බැවින් මේ දක්වා අතුරුදන් වූ පුද්ගලයා සොය ගැනීමට නොහැකි වී ඇත. පොළොන්නරු පොලිසිය ප්රදේශවාසීන් හා එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.