අධි පීඩන ජල නලයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ දහවල් කාලයේදී මාවනැල්ල, හෙම්මාතගම ප්ර දේශයේදී මාර්ගයක එළා තිබූ ජල නලයක් පුපුරා යාමෙන් තුවාල ලැබූ හෙම්මාතගම පදිංච 68 හැවැරිදි පුද්ගලයෙක් මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාවනැල්ල ජල සම්පාදන මණ්ඩලයට අනුබද්ධ සමාගමක් විසින් මාවනැල්ල හෙම්මාතගම පාරේ වෑත්තෑවට යන මාර්ගලයේ ජන නල පීඩනය පිරීක්ෂා කරමින් සිටියදී මෙම නලය පුපුරා ගොස් තිබේ.