අධ්‍යාපනයේ වැටුප් විශමතා ඉවත් කිරීම තව මාස දෙකකින්
ඊළඟ මාස දෙක ඇතුළත අධ්‍යාපන ක්ෂේත්රයේ සෑම සේවාවක ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඉදිරියේ දී නඩුකටයුතු පිළිබඳ සමතකරණයකට එළඹීමෙන් පසු, පෙර පැවැත්වීමට නියමිත ව තිබූ උපාධිධාරී ගුරු විභාගය නියමිත පරිදි පවත්වන බවත්, ප්‍රතිඵල අනුව එම උපාධිධාරීන් පළාත් මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ අනුව ගුරුවරුන් වශයෙන් බඳවාගත් පසු ගුරු හිඟය බොහෝදුරට මගහැරී යනු ඇති බවත් අමාත්‍යවරයා කීවේය.
ගුරුතුලනය යථාවත් වී පාසල් පද්ධතියේ කළමනාකරණ ව්‍යුහය ද ශක්තිමත් වීම නිසා එහි පරිපාලන කටයුතු පහසු වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසුවේය. එමගින් පාසල් කළමනාකරණයට අවශ්‍ය මානව සම්පත ද ප්‍රමාණවත් පරිදි ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ අමාත්‍යවරයා, ඊළඟ මාස දෙක ඇතුළත අධ්‍යාපන ක්ෂේත්රයේ සෑම සේවාවක ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ගැඹුරු මට්ටමින් සාකච්ඡා පවත්වන අතර, මේ වන විටත් අදාළ වෘත්තීය සංගම් සමග ඉතා සුහද මට්ටමින් කටයුතු සිදු කෙරීගෙන යන බව ද සඳහන් කළේ ය.
‘ළඟ ම පාසල හොඳ ම පාසල‘ වැනි සංකල්ප ඉදිරියට ගෙනැවිත් පාසල්වලට අවශ්‍ය භෞතික පහසුකම් වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය. වෘත්තීය නිපුණත්වය වැඩිදියුණු වන්නේ කල් ඉකුත් වූ දැනුමෙන් නොව යාවත්කාලින කරගත් තාක්ෂණය පදනම් වූ නව දැනුමෙන් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමිනි.
කෘත්‍රිම බුද්ධිය සමග ගැටෙන්නට සිදු වන අනාගත වෘත්තීය ජීවිතය ජය ගන්නට නම් අප මේ අවස්ථාවේ සිට ම හිඟ මානව සම්පත මනා ව කළමනාකරණය කරගනිමින් ප්රශස්ත සේවයක් ලබාගත යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
popular news
-
අයිවන් කලුබෝවිල Thursday, 13 July 2023 08:06 AM
ඇමතිතුමා මේ අදහස පලනොකර ඉන්න පුළුවන් කියලා හිතෙනවා ඒත් ලියන්නෙ සත්‍යම දෙයක් කියන්න ඔබතුමා කොහොම කිව්වත් අධ්‍යාපනයේ කටයුතු සාර්ථක වෙන්න නම් දැනට දෙපාර්තමේන්තුවට අරක්ගෙන සිටින සියලු භූතයෝ භූතියො ප්‍රේතයෝ පිසාචයෝ ඔක්කොමලා වහාම දෙපාර්තමේන්තුවෙන් බැහරටම යවන්න ඕන උන්දැලා ඕවායේ නැවත නැවතත් ප්‍රේතයෝ වෙලා උපදිනවා තමන්ගෙ අතමිට සරුකරන කෙනාට නියමිත ආකාරයට වැටුප් පරිවර්තනය කරන ඔවුන් අනෙක් අයට සැලකීමක් නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

