අධ්‍යාපන සභාවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය
ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන ඇතුළු සාමාන්‍ය අධ්‍යාපනයේ සියලු වෘත්තීය කාණ්ඩ සඳහා ප්‍රමිතීකරණය, ලියාපදිංචිය, බලපත්‍රකරණය සහ තත්ත්ව සහතික කිරීමේ ආයතනික යාන්ත්‍රණයක් ලෙස ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී.බී. දයාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කර තිබිණි.
එම කමිටුවේ 2025 ඔක්තෝබර් 3 දිනැති වාර්තාව පාර්ලිමේන්තුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවන ලද අනුකාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර, මහජන අදහස් විමසීමෙන් අනතුරුව සකස් කළ සමාලෝචන වාර්තාවද එම සභාව වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, යෝජිත අධ්‍යාපන සභාවේ විෂය පථයට අයත් කරුණු සම්බන්ධයෙන් දැනටමත් නෛතික බලතල සහිත ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
