අධිවේගී මාර්ගවල ආදායම පසුගිය 24 වැනිදා දින තුළ රුපියල් මිලියන 08කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිය බව අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි.
එම කාලය තුළදී දක්ෂිණ හා කටුනායක මාර්ග දෙකෙහි වාහන එක්ලක්ෂ දසදහයකට ආසන්න ප්‍රමාණයක් ධාවනය වී තිබෙන බවත් එහෙත් සාමාන්‍ය‘යෙන් ධාවනය වන්නේ වාහන අසූදහසකට ආසන්න ප්‍රමාණයක් බවද එම අංශයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
නිසි ප්‍රමිතියකින් යුත් වාහන ධාවනය නොකිරීම නිසා 25 වැනිදා දිනය තුළදී වාහන 80කට ආසන්න ප්‍රමාණයක් කාර්මික දෝෂවලට ලක් වූ බවත් එහෙත් සාමාන්‍ය‘යෙන් දිනකට කාර්මික දෝෂවලට ලක්වන්නේ වාහන 30කට ආසන්න ප්‍රමාණයක් බවද ඔහු කියා සිටියේය.
සාමාන්‍ය‘යෙන් දෛනික ආදායම රුපියල් මිලියන 22කට ආසන්න බවත් එහෙත් 24 වැනිදා දිනයේදී රුපියල් මිලියන 30කට ආසන්න ආදායමක් ලබා තිබෙන බවද සඳහන් කළේය.