අධිවේගී තැපැල් භාණ්ඩ සියල්ල සහ රජයේ රෝහල් මගින් ලබා දී ඇති ඖෂධ වර්ග සියල්ල අද (21) දිනයේ බෙදා හැරීම සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කර ඇත.
බෙදීම් රහිත කාර්යාල පමණක් අද (21) දිනයේ වසා තැබෙන බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා සඳහන් කර සිටියි.
අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලිපි භාර දීමට 071 81 23 906 යන දුරකතනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරිවරයා අමතන ලෙස ද නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසා සිටියි.