පාසල් නිවාඩු මාසවලදී ගුරු වැටුප් නතර කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා බදුල්ලේදී ප්‍රකාශයක් සිදුකළ බව පවසමින් වෙබ් අඩවි සහ ෆේස් බුක් සමාජ ජාලා කිහිපයක් ඔස්සේ පළකර තිබූ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (16දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් ලිඛිතව මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අද (16දා) ඉදිරිපත් කර තිබේ.
ඇතැම් කණ්ඩායම් සැලසුම් සහගත ලෙස මෙම ප්‍රවෘත්තිය ව්‍යාප්ත කිරීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ කීර්ති නාමයටත් දැඩි බලපෑමක් එල්ල වූ අතර, විභාගයක් පවතින අවස්ථාවකදී ගුරුවරුන් සම්බන්ධව මෙවැනි අසත්‍ය ප්රවෘත්ති පළ කිරීම හරහා සමාජය තුළ මහජන කැළඹීමක් ඇති වන තත්ත්වයක් නිර්මාණය වූ බව මෙහිදී පවසා තිබේ.
අදාළ ව්‍යාජ ප්‍රවෘත්තිය නිර්මාණය කොට ව්‍යප්ත කිරීම සඳහා දායක වූ කණ්ඩායම් සහ සංවිධානයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.