'විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කරන ලදැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු මස 13 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26දා) නියම කළේය.
අධිකරණයට අපහාස කරන ලදැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවා තිබිණි.
ඒ අනුව ඊයේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකර සිටීමට හේතූ විමසා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයේ පෙනී සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නඩුව ලබන මාර්තු මස 13 වැනිදා කැඳවීමට එලෙස නියම කළේය.