ඇතැම් පුද්ගලයන් අධිකරණයට හානි කරන පදනම් විරහිත විවේචන, විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා ගෙන යන බවත් ඇතැම් නඩු තීන්දු සම්බන්ධයෙන්ද හුදු කටකතා පදනම් කර ගනිමින්,සැලසුම් සහගත ලෙස පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට උත්සාහ දරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් වන ආකාරයේ කිසිදු කටයුත්තකට වත්මන් රජය ඉඩ තබා නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
අධිකරණ වින්ශ්චකාරවරුන් සඳහා පැවති සම්මන්ත්‍රණයක් සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.
වින්ශ්චකාරවරුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අය සම්බන්ධයෙන්ද මෙලෙස අසත්‍ය පුවත් පළකරන ඇතැම් සංවිධාන, මේ හරහා මහජනතාවට අධිකරණයේ ස්වාධීත්වය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දරණ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.