පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කරතිබූ රුපියල් 9870ක් ඇතුලත් මුද්‍රාතැබූ ලියුම් කවර 16ක් සොරකම් කළැයි සැකපිට අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකු අද (19) බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
බදුල්ල මහේස්ත්රාත්වරයාගේ නියෝගය මත බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් මේ පිළිබඳව බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබිණ .
විභාගවූ නඩුවලට විභාගවෙමින් පවතින නඩුවලට අදාළ නඩු භාණ්ඩ ලෙස තිබූ මුදල් මෙසේ සොරකම් කර ඇති අතර තවත් මෙවැනිම සොරකම් සිදුකර ඇද්දැයි විමර්ශනය කෙරේ .
බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි
සැකකරු අද (19) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය .
බදුල්ල - පාලිත ආරියවංශ