අද (15) දහවල් සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල් තුලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 1000ක්, ත්රීරෝද රථ සඳහා රුපියල් 1500කට පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
එමෙන්ම මෝටර් වෑන් රථ සහ ජීප් රථ සඳහා පෙට්රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගවම නිකුත් කිරීම රුපියල් 500කට සීමා කිරීමටද තීරණය කර තිබේ.
බස් හා ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදාගැනෙන ට්රැක්ටර් රථ ඇතුළු රථ වාහන සඳහා මෙම සීමාවන් අදාල නොවන බවත් සංස්ථාව සඳහන් කරයි.