අද විදුලි කප්පාදුව පැය 3යි
බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා අද (01දා) දිනයේදී පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂම විසින් විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබේ.
එසේම අද දිනයේදී රාත්‍රී කාලයේ විදුලි කප්පාදු කිරීමට අදාළ අවසරය විදුලිබල මණ්ඩලයට ලබා නොමැති බවද මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරයි.
මේ නිසා සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවද එම කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේය.
විදුලි කප්පාදු කිරීමට සකස් කර තිබෙන කාලසටහනට අනුව උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළදී පමණක් පැය තුනක විදුලි කප්පාදු කිරීමක් සිදුකරනු ලබයි.
මෙම වැඩපිළිවෙළට අනුව A, P, Q, R කාලාපවල උදෑසන 8.30 සිට 11.30 දක්වාත් B, S, T කාලාපවල උදෑසන 11.30 සිට සවස 2.30 දක්වාත් C, U, V, W කාලාපවල සවස 2.30 සිට 5.30 දක්වාත් විදුලි විසන්දි කිරීම සිදු වේ.
අද රාත්රියේදී ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත නොකළහොත් විදුලි ඉල්ලුමට සරිලන ලෙස විදුලි සැපයුම් සිදුකළ නොහැකි වන නිසා යම් යම් ප්‍රදේශවලට අද රාත්රියේදී විනාඩි 20ත් 30ත් අතර කාලයක් විදුලිය විසන්දි වීම සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
එමෙන්ම ඊයේ (28දා) දිනයේදී A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක් හා සෙසු කලාපවලට පැය 5යි විනාඩි 15ක්ද, විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලැබුවත් අද දිනයේදී විදුලි කප්පාදු කිරීමේ කාලය අඩු කිරීමට අමතරව විදුලි කප්පාදු කරන කාලය දහවල් කාලයට පමණක් සීමා කර තිබේ.
ඉන්දික හේවාවිතාරණ
ඔබ ප්‍රදේශයේ විදුලි කප්පාදුව සිදුවන අයුරු දැන ගැනීම සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න
https://www.scribd.com/document/561699865/E-01-03-2022-Power-Interruption-Schedule
popular news
-
Thanuja wickramarathna Tuesday, 01 March 2022 01:01 AM
Whatsapp group ekak hadanna news ena widiyata
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

