නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
කියයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ
පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී 50ක පමණ තද
වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ අනෙකුත් ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.