බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
උතුරු හා උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් ඌව පළතෙත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍ර දේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ හා දකුණු පළාත්වලත්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.