බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවර එළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙහිදී ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ක් දක්වා තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර හා ඌව පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවයි.