මේ දිනවල ආරම්භ වී ඇති සිරි දළදා වන්දනාව සඳහා දිනෙන් දින බැතිමතුන් වැඩිවන සෙයක් පෙනෙන්නට තිබෙන බැවින් වන්දනා කාලසීමාව දීර්ඝ කිරීමට මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්රමුඛ දියවඩන නිලමේවරයා පියවර ගෙන තිබේ.
ඒ අනුව දළදා වන්දනාව පෙරවරු 1100-5.30 අතර කාලය දක්වා දීර්ඝ කොට තිබේ. හතර වැනි දිනයවූ අද (21) දිනය නිමාවන විට 435,000ක පමණ බැතිමතුන් පිරිසක් දළදා වන්දනා කරගනු ඇති බවට පොලිසිය බලාපොරොත්තුවේ.
අද (21) දහවල් වන විට වෙනත් දිනවලට වඩා පෝලිං දිගුවී තිබෙන ආකාරය දක්නට ලැබුණ අතර රතු බෝක්කුව දෙසින් වන පෝලිම් දෙක අම්පිටිය ප්රදේශය පසු කරමින්ද කටුගස්තොට දෙසින් දිවෙන පෝලිම කටුගස්තොට පාලමට ළං වන ආකාරයට ද දක්නට ලැබුණි.
ෂේන් සෙනෙවිරත්න
