ත්‍රස්තවාදය වැළක්විමේ පනත ඉවත් කිරිමට පිටරටින් බලපැම් සිදුවෙමින් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මාතර පොල්හේන පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බද්දේගම කුසල නායක ස්වාමින් වහන්සේ වෙත ගාලූ මාතර හම්බන්තොට තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමිම සඳහා එම විහාරස්ථානයේ පැවති උත්සවයට ඊයේ (10) සහභාගි වෙමින් ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
අද චෝදනා පත්‍ර තියෙනවා. කැබිනට් ඇමතිවරුන්ට තියෙනවා මන්ති්රවරුන්ට තියෙනවා. එක ඇමතිවරයෙක් කිව්වා කැබිනට් මණ්ඩලයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන 24ක් ඉන්නවා කියලා. නමුත් විපක්ෂය මේ සම්බන්ධව හඩ නගන කොට එය වෙනස් වුනා. මේ හැම එකකින්ම පෙන්නේ අපේ සමාජයේ පිරිහිම. බෞද්ධයන්ට අයිති මේ රට තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියේනම් කනගාටුවට කරුණක් .
අනිත් පැත්තෙන් අද ත්‍රස්තවාදය වැළක්විමේ පනත ඉවත් කරන්න පිටරටින් බලපැම් කරනවා . ඒක නිසා එය ඉවත් කරලා එහි තියෙන සමහර කරුණු සාමාන්‍ය නීතියට දාන්න හදනවා. මොකද ත්‍රස්තවාදය වැළක්විමේ පනත ඉවත් කරන්න පුළුවන් හදිසි නීතිය යටතේ පමණයි .
නමුත් සාමාන්‍ය නීතියට මේක එකතු කරාම මේ වගේ උත්සවයක් තහනම් කරන්න, පෙළපාලියක් ,විරෝධතාවයක් ,දේශපාලන පක්ෂයක් පවා තහනම් කිරිමේ බලය සාමාන්‍ය පොලිස් නිලධාරින්ට දෙනවා. එතකොට මොකද වෙන්නේ සාමාන්‍ය නීතිය තුළට දාලා අපි ඔක්කොම විනාශ කරන්න පුළුවන් තත්ත්වයක්. ඒ නිසා මේ තත්ත්වය කුමන පක්ෂයක් බලයට ආවත් හොද කාරණයක් නෙමෙයි. මේවා සම්බන්ධව ස්වාමින් වහන්සේලා ගේ අවදානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා’’ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මාතර - මහේෂ් මලවරආරච්චි