අද(22දා) දිස්ත්‍රික්ක 12ක ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු ' මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි
එනම් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම තත්ත්වය ඇති විය හැකි බවද පෙන්වා දෙයි.
ඉහත උණුසුම් දර්ශකය (Heat Index) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදා ගනිමින් ගණනය කර ඇති දර්ශකයක් වන අතර මෙය ශරීරයට දැනෙන තත්වයකි.
මේ අනුව අද දිනයේදි වැඩ බිම්වලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
කුඩා ළමුන් වාහනවල තනියම රඳවා නොයන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් සඳහන් කරයි.