ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරන ජනතාවට හෝ නිලධාරීන්ට ආපදා තත්ත්වයක් නිසා යම් බාධාවක් සිදුවුවහොත් එම පිරිස්වලට සහන සැලසීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ඒකාබද්ධ කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මේ අනුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පැය 24 පුරාම ක්‍රියාත්මක කරන බවත්, මේ සඳහා විශේෂ මැදිරියක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කර තිබෙන බවද සඳහන් කරයි.
මේ අනුව යම් ආපදා තත්ත්වයක් නිසා ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් එම පිරිස්වලට අදාළ ස්ථානයට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙන බවද පෙන්වා දෙයි.
මීට අමතරව ඡන්දය ගණන් කරන මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි හෝ නිලධාරීන්ට ගමන් කිරීමේදි බාධා තත්ත්වයක් ඇති වුවහොත් ඊට අදාළවත් මෙම වැඩපිළිවෙළ තුළ ක්‍රියාත්මක වීම සිදුවන බවද සඳහන් කරයි.
117 දුරකථන අංකය හා 0113668032 හෝ 0113668087 හෝ 0113668026 හෝ 0113668119 යන දුරකථන අංක ක්‍රියාත්මක වන බවද සඳහන් කරයි.මෙම දුරකථන අංකවලට භාෂා තුනෙන්ම දැනුම්දීම් සිදු කළ හැකි බවද පෙන්වා දෙයි.