වත්මන් ආණ්ඩුව සුන්බුන් ගොඩක එකතුවක් බවත්, ඒ අනුව ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අද (12දා) ජාතික තරුණ සමුළුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අපේ රාජ්‍ය සේවයේ රැකියා උත්පාදනයකට සමත් වෙන ආර්ථිකයක් නිර්මාණය කිරීමට , සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වන ආණ්ඩුවක් අපිට අවශ්‍යයි. අද අපේ ආණ්ඩුව ගත්තොත් සුන්බුන් ගොඩක එකතුවක්. ඒ නිසා අපි ආණ්ඩුව නූතනත්වයට ගේනවා. නූතනත්වයට ගේන්න දැනටමත් අපි 62,000කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ”