අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතාගේ මෘත ශරීරය පොලිසිය අද (24) සොයාගෙන තිබුණි. යුද හමුදාව හා පොලිසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදි බදුල්ල - මහියංගනය මාර්ගයේ 17 කණුව අසල වන ලැහැබක ගල් තලාවක් මත තිබියදි මෘත ශරීරය සොයාගෙන තිබේ.
විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතා ඊයේ (23) පෙරවරුවේ සිටි අතුරුදන්ව ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය වහාම විමර්ශන ආරම්භ කළේය. මුලින්ම වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල - මහියංගනය මාර්ගයේ 17 කණුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ (23) රාත්‍රියේ සොයාගෙන තිබුණි.
ඒ අනුව අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා පොලීසිය, යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කෙරිණි. එහිදී අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මෘත ශරීරය එම ප්‍රදේශයේ වන ලැහැබක මීටර් 800ක් පමණ ඇතුළත තිබූ ගලක් මත තිබී සොාය ගෙන තිබුණේ අද (24) උදෑසනදීය. එම ස්ථානයේ තිබි ඖෂධ වර්ග 3ක් ද පොලිසිය සොයා ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
