පසුගිය දාහත්වන දින සිට ආගිය අතක් නොමැතිව සිට හේවාහැට රහතුන්ගොඩ ප්රදේශයේ තරුණ මව හා දියණිය අවිස්සාවේල්ල ගලබලන කන්ද මාණික්කාව ප්රදේශයේ ඇයගේ ඥාති නිවසක සිටියදී අවිස්සාවේල්ල පොලීසිය විසින් ඊයේ සවස (24) සොයාගෙන ඇත.
ඒ අතර දින කිහිපයක් තිස්සේ බිරිද හා දරුවන් නොමැති දුකට ඔවුන්ගේ ස්වාමියා ඊයේ සවස වස පානය කොට ඇති අතර ප්රතිකාර සදහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කොට ඇත. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
තම ස්වාමියාගෙන් නිතර දෙවේලේ බීමත්ව හිරිහැර කරදර නිසා කාටත් නොදන්වා රෝහලට යන බව පවසා ඇය අවිස්සාවේල්ල ඥාති නිවසට පැමිණි බව පොලිසියේදී ප්රකාශ කර ඇත.
දින කිහිපයක් මෙසේ ආගිය අතක් නොමැතිව සිටියේ වයස අවුරුදු විසි දෙකක් වන වෙල්ලේඅම්මා සුරේන්ඩ්රනි රාණි හා වයස අවුරුදු එකයි මාස හතක් වන තරුෂිකා අබි නැමති ඇයගේ දියණියයි.
ඔවුන්ගේ මෙම පවුල් ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අවිස්සාවේල්ල හා හඟුරන්කෙත පොලීසී මගින් සිදුකරනු ලබයි.
තලාතුඔය අසේල වික්රම