එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි සිට මේ වන විට අතුරුදන්ව ඇති 09 හැවිරිදි පිරිමි දරුවා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු කිහිපයක් අණාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
ඒ් අනුව දරුවාව රැගෙන යන්නට ඇතැයි සැකකෙරන විදුලි කාර්මිකයාගේ සහෝදරිය හා සහෝදරයා ජීවත්වන මාතලේ හා උකුවෙල ප්‍ර දේශවලට ඔහු මෙම දරුවා ත්‍රිරෝද රථයෙන් රැගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
කෙසේ වෙතත් දරුවා සමග මෙම පුද්ගලයා රැදී සිටින ප්‍ර දේශය අණාවරණය කර ගැනීමට විමර්ශන කටයුතු සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් පැවැසීය.
පෙරේදා (19) රාත්‍රි 8.30 න් පමණ පසුව දරුවා නිවසේ නොමැති බවට දැන ගෙන සොයා බැලූවද මෙතෙක් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය පැවසූවාය.
