බගවන්තලාව හා නොර්වුඩ් පොලිස් වසම්වලින් 19 වන දින අතුරුදහන්වු බවට පැමිණිලි ලැබි පැය කිපයක් ඇතුලත එම පාසල් සිසුන් දෙදෙනා සොයා ගැනිමට බගවන්තලාව හා නොර්වුඩ් පොලිස් ස්ථානවල නිලධාරින් සමත්ව ඇත.
බගවන්තලාව කාර්කස්වෝල්ඩ් දෙමළ විදුහලේ එකම පංතියක ඉගෙනුම ලබන අවුරුදු14ක් වයැසැති මෙම සිසුන් දෙදෙනා 19වන දින පාසල් ගොස් නැවත නිවෙස් වෙත නොපැමිනි බවට එම සිසුන්ගේ ඥතින් විසින් 19වන දින රාත්රි 9.30ට පමන පොලිසියට පැමිනිලි කර ඇත.
එම පැමිනිලි ලැබිමත් සමග ක්රියාත්මකවු බගවන්තලාව නොර්වුඩ් පොලිස් ස්ථානවල නිලධාරින් විවිධ තොරතුරු හා සි.සි.ටි.වි. කැමරා දර්ශණ ඔස්සේ විමර්ශණය කරමින් කරන ලද පරික්ෂණ මත මෙම සිසුන් දෙදෙනා සොයා ගැනිමට හැකිව ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම පැමිනිලි ලැබිමත් සමග හැටන් පොලිස් අධිකාරි එච්. එම්. නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත ක්රියාත්මක වෙමින් මෙම සිසුන් සොයා ගැනිමේ මෙහෙයුම් ආරම්භ කල බවත්ය.
ප්රදේශයේ සි.සි.ටි.වි. කැමරා දර්ශණද උපයෝගි කර ගෙන විවිධ තොරතුරු ඔස්සේ පරික්ෂණ ආරම්භ කරමින් කරන ලද පරික්ෂණවල ප්රථිපලයක් ලෙස මෙම සිසුන් මෙසේ සොයා ගත් බවද සම්පත් බණ්ඩාර මහතා පැවසිය.
මෙසේ සොයා ගන්නා ලද එක් සිසුවෙකුගෙන් කරන ලද විමසිම්වලදි එම සිසුවා පාසල් යාම ඥති නිවසක සිට සිදු කරන බවත් එම සිසුවා පිලිබදව එහි ඥතියකු පාසල තුල සිදුකරන ලද වැරදි ප්රචාරයක් හේතුවෙන් කම්පාවට පත්ව මෙසේ නිවසින් පිටව ගිය බව පැවසු බවද සම්පත් බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.
සමහර වැඩි හිටියන් විසින් ළමා මනස කම්පාවන අයුරින් කටයුතු කිරිම් හේතුවෙන් ලමුන් මෙවැනි තිරණ ගැනිමට පෙලෙබෙන බවත් ලමා මනස කම්පා නොවන අයුරින් කටයුතු කිරිමට වැඩි හිටියන් නිතරන්තරයෙන් පියවර ගත යුතු බවත් එසේ නොවන්නේ නම් ලමා ජිවිත නිකරුනේ විනාශයට පත්විම වැලැක්විමට නොහැකි තත්වයක් උදාවන බවද සම්පත් බණ්ඩාර මහතා තව දුරටත් පවසන ලදි.
චන්ද්රසෙල්ල හේවා