විදේශයේ නිශ්පාදිත ජීව අත්බෝම්බයක් විකිණීමට උත්සහ ගත් පුද්ගලයෙකු ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බවට වැලිඔය පොලීසිය පවසයි.
වැලිඔය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි වැඩබලන පොලිස් ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක රත්නායක මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ජනකපුර ප්රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී අදාල සැකකරු අත්බෝම්බය විකිණීම සඳහා රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදි.
සැකකරුට අත්බෝම්බය ලැබී ඇති අයුරු මෙතෙක් හෙලිවී නොමැති අතර අත්බෝම්බය මිලදීගැනීමට උත්සහ ගත් අය කව්රුන්ද යන්න පිළිබඳවද පොලිස් පරික්ෂණ සිදුකරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 37 ක් පමණ වයසැති ජනකපුර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වැලිඔය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
