අත්අඩංගුවට ගත් සැකකරු රෝහල් ගත කරන විට මියගිහින්
මාදම්පේ පොලිස් වසමේ පම්බල ප්‍රදේශයේදී හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රවය ඒකකයේ නිලධාරින් ඛණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව පසුගිය 06 වැනිදා මත්ද්‍රව්‍ය වැටලිමක් සිදු කර ඇති අතර, එහිදි සැක කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට යාපම්දී පලා ගොස් ඇත. නිලධාරීන් විසින් ඔවුන් පසු පස ලූහුබැඳ යාෙම්දී එක් සැකකරුවකු බිම ඇද වැටී ඇති අතර, පසුව නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙදනාම අත්අඩංගුවට ගෙන ඇත.
බිම ඇද වැටී සිටි සැකකරු සිහිසුන් වීම හේතුවෙන් නිලධාරින් විසින් එම පුද්ගලයාා හලාවත රෝහලට ඇතුලත් කල බව පොලීසිය පවසයි. සැකකරු පරීක්ෂා කළ ෛවද්‍යවරුන් විසින් ඔහු මියගොස් ඇති බවට දන්වා ඇත. මරණ කරු වයස අවුරුදු 37 ක් වූ හලාවත ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මත්ද්‍රවය අඩංගු පොලිතින් වර කැබැල්ලක් ස්වරාලයේ හිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකි වීමෙන් සිදුවූ මරණයක් බවට හලාවත පරෝහල් විෙශ්ෂඥ අධිකරණ ෛවද්යය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවක්ද නිකුත්කර ඇති බව පොළීසිය අන්වා සිටියි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

