අත්අඩංගුවට ගත් සහල් තොග අලෙවි කර මුදල් අධිකරණයේ තැන්පත් කරන්න
උත්සව සමයේදී වැඩි මිලට විකිණීම සඳහා සගවා තිබියදී අත්අඩංගුවට ගත් සහල් තොග අලෙවි කර අදාල මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය පාරිභෝගික සේවා අධිකාරියට ඊයේ (17) නියෝග කළාය.
වෙළඳ සැල් හිමියන් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු දෙකක් විභාග කිරීමට තීරණය කළ මහෙස්ත්‍රාත්වරිය අත්අඩංගුවට ගත් සහල් තොගය අලෙවි කර මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙස නියෝග කළාය.
කොළඹ යෝන් වීදියේ වෙළඳසැල් හිමියකු වන ජුම්ෆර් නැමැත්තෙකුට සහ කොළඹ වේල්ලවීදියේ වෙළඳසැල් හිමියකු වන රාම්සාන් නැමැත්තෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
සඳුන් කීරි සම්බා කිලෝ පහේ ඇසුරුම් 598ක් සඟවා තැබු බවට කොළඹ යෝන් වීදියේ වෙළඳසැල් හිමියකු වන ජුම්ෆර් නැමැත්තාට සහ අරලිය ප්‍රිමියම් සහල් කිලෝ පහේ ඇසුරුම් 900ක් සඟවා තැබු බවට කොළඹ වේල්ලවීදියේ වෙළඳසැල් හිමියකු වන රාම්සාන් නැමැත්තෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
එම නඩු විභාග කිරීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරිය නඩු වලට අදාළ හාල් කිලෝ 7490 ක් අලවිකර මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙස නියෝග කළාය. නඩු විභාගය මාර්තු 11 සහ අප්‍රේල් 30 වැනිදා පැවැත්වීමට දින නියම කෙරිණි.
සචිත්ර ගුණසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

