අත් හා පාදයක් නොමැති කාන්තා මළ සිරුරක් වව්නියාවේ වැවක
වව්නියාව ඊච්චන්කුලම් පොලිස් වසමේ තරණීකුලම් කූරිසුට්ටකුලම් වැවේ තිබී ඊයේ (14) සවස කාන්තා මළ සිරුරක් සොයාගත් බවට පොලීසිය පැවසීය.
කාන්තා මළසිරුර පිළිබඳව ප්රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව ඊච්චන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය වසින් අදාල වැවට ගොස් මළසිරුර ගොඩට ගැනීමට කටයුතු කරන ලදි.
සොයාගත් කාන්තා මළසිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මළසිරුර සොයාගන්නා අවස්ථාවේදී එම කාන්තාවගේ අත් දෙක සහ එක් පාදයක් නොතිබූ බවටද අත් දෙක හා පාද යමෙක් විසින් කපා ඇතැයිද සැක පල කරන හෙයින මෙය ඝාතනයක් විය හැකි බවටද පොලීසිය සැක පල කර සිටියි.
එමෙන්ම කාන්තාවගේ සිරුර ස්ථාන රැසකින් සතුන් විසින් කා දමා ඇති හෙයින් හඳුනා ගැනීමටද අපහසු වන අතරම මෙම මළසිරුර දින කිහිපයක් තිස්සේ මෙලෙස ජලයේ තිබී ඇතැයිද පොලීසිය පැවසීය.
මළ සිරුර මේ වනවිට වව්නියාව රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන ඒමට කටයුතු යොදා ඇති අතර ඊච්චන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
