රත්ගම , කිරිමැටිය ආදාහනාගාරය අසල පිහිටි කටුදම්පේ ඇලේ පාවෙමින් අත් පා ගැට ගසා තිබූ තරුණයකුගේ මළ සිරුරක් අද (19) සොයා ගත් බව රත්ගම පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ විසිඅට හැවිරිදි රත්ගම ගම්මැද්දගොඩ පදිංචි තරුණයකුගේ මළ සිරුරක් බව ද පොලීසිය කියයි.
අත් පා ගැටගසා තිබූ මේ මළ සිරුරේ තුවාල ද දක්නට ලැබූ බවද පොලීසිය කියයි.
මෙය ඝාතනයක් බවට මේ වනවිට තහවුරුවී තිබෙන බවද පොලීසිය කියයි.
තරුණයා දින කිහිපයක සිට නිවසට නොපැම්ණිම හේතුවෙන් ඥාතීන් විසින් පොලීසියට මේ පිලිබදව දැනුවත් කර තිබූ බවත් පොලීසිය කියයි.
රත්ගම පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.