අත් පා ගැට ගසාගෙන ළිඳට පැන 88 සීයා මරුට
තම අත් පා රෙදිපටි වලින් ගැට ගසාගෙන අඩි විස්සක පමණ ගැඹුරු ළිඳකට පැන අසූ අට හැවිරිදි පුද්ගලයකු දිවි හානි කරගෙන ඇතැයි මාළඹේ පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාලබේ , තලාහේන පදිංචි විලියම් අප්පුහාමී නමැති තිදරු පියෙකු බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා සිය දියණියගේ නිවසේ වාසය කර ඇත.
ඇය විසින් පවත්වාගෙන යන වෙළඳසැලකට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේදී නිවසේ සිටි පියා නොමැතිවීමෙන් ඒ පිළිබඳව විපරම් කිරීමේදි අසල්වාසියෙකු කළ දැනුම්දීමකට අනුව නිවස ආසන්නයේ පිහිටි පොදු ළිඳක් අසලට ගොස් බැලීමේදී ඒ තුළ පියා මියගොස් සිටිනු දැක ඇතැයි පැවසේ .
එසේ මියගොස් සිටි පියා නිවසේ තිබූ රෙදි පටි වලින් සිය සිරුර ඉතා තදින් ගැට ගසාගෙන මෙසේ ළිඳට පැන ඇති බවට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලට අනුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අයි.ඩී.එච් රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළාය.
මෙහිදී සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා මීට පෙර ගෙල වැළලා ගැනීමෙන් හා වහලයකින් බිමට පැන දිවි හානිකර ගැනීමට උත්සහ දැරූ පුද්ගලයකු බවයි.
මෘතදේහය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් තලංගම දකුණ හදිසි මරණ පරීක්ෂණ කාර්යාලයේදී අද (25දා) සිදුකිරීමට නියමිතව තිබුණි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
popular news
-
කල්පනා Thursday, 26 January 2023 12:00 AM
කකුල් දෙක ගැටගසා ගත්තා කියමුකෝ ඒත් අත්දෙක ගැටගසා ගත්තා කිව්වම මටනම් ප්‍රශ්නයක් වෙනවා ගැටගසා ගෙන ළිදට පැන්නෙ කොහොමද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

