අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන් පිරිසක් අද (16) රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිටදි අත්පති්රක බෙදා හැරිමක් සිදුකරන අතරවාරයේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ එයට බාධා කිරිමත් සමග යම් උණුසුම් තත්ත්වයක් ඇති විය .
මෙහිදි පොලීසිය පැමිණ දෙපාර්ශවය සමථයකට පත්කලද එහිදි රුහුණු විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා මාතර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය .
පසුව යම් පිරිසක් පැමිණ තර්ජනය කොට අත්පති‍්‍රකා පැහැරගෙන ගිය බවද එම සිසුහු පවසති .
මේ සම්බන්ධව අදහස් පලකල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරවුවේ ජිනරතන හිමියන් මෙසේ පැවසිය,
‘‘අද දවසේ අන්තරේ විදියට අපි රුහුණු විශ්ව විද්‍යාලයේ ඉදිරිපිටට පැමිණ අත්පති‍්‍රකා බෙදිමක් සිදුකර ජනතාව දැනුවත් කළේ එක් උන්මන්තකයෙක් රුහුණේ උපකුලපතිවරයා වෙලා අන්තනෝමතික ලෙස සිසුන් මර්දනය කරමින් පවතිනවා . සුජිව අමරසේන නම් උපකුලපතිවරයා තමයි මේ සියල්ල සිදුකරන්නේ . මේ සදහා සිසුන් සහ ජනතාව දැනුවත් කිරිම සදහායි අපි පැමිණියේ .
විශ්ව විද්‍යාල සිමාවට අපි ඇතුල් වුණේ නැහැ ඉදිරිපිට සිටියේ . නමුත් එතනට පැමිණි ආරක්ෂක අංශ අපිට බාධා කලා . එත් ඉවත් නොවුණ තැන සුජිව අමරසෙනගේ මැරයන් ගෙන්වලා තර්ජනය කරා නොගියොත් මරණවා කියලා . අත්පති‍්‍රකා පැහැරගෙන ගියා . ඊට පස්සේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉංදික විදානපතිරණ සිසුවා පොලීසිය දම්මවලා අත්අඩංගුවට ගත්තා . මේ අයට ඕන රුහුණු විශ්ව විද්‍යාලය හිර ගෙයක් බවට පත් කරන්න . මේ සියල්ල නියෝජ්‍ය උපකුලපතිවරයා බලාගෙන හිටියේ .මේක පෙර පාසලක් නෙමෙයි විශ්ව විද්‍යාලයක් , එසේනම් මේ මර්දනයට එරෙහිව සිසුන් සහ ජනතාව පාරට බහින්න ඕන කාලය ඇවිත් තියෙනවා’’ යැයි පැවසිය .
මේ සම්බන්ධව අප කල විමසිමකදි රුහුණු විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් චන්දන මහතා මෙසේ පැවසිය,
‘‘ අද දවසේ රුහුණු විශ්ව විද්‍යාලයේ වැල්ල මඩම පරිශ්‍රයේ ප්‍රධාන ගෙට්ටුව අසල යම් සිදුවිමක් සිදුවුනා . මෙහිදි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සම්බන්ධ බව කියන පිරිසක් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් අත්පති්රක බෙදා හරින්න කටයුතු කලා . උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජිව අමරසේන මහතාට අවලාද නගමින් . ඒ පති‍්‍රකාව බැලූවම තිබුණේ සම්පුර්ණයෙන් අසත්‍ය තොරතුරු. අද විශ්ව විද්‍යාල සාමකාමි තැනක් බවට පත්වෙලා තියෙන්නේ . මේ සියල්ල කළේ උපකුලපතිවරයාගේ කැපවිම මතයි . එම නිසා ආරක්ෂක අංශ එම පති‍්‍රකා බෙදාහරින එක නතර කරන්න කටයුතු කලා . මෙහිදි විනයවිරෝධි කටයුතු නිසා විශ්ව විද්‍යාලයෙන් නෙරපපු සිසුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා . ඔහු තමයි මෙය සංවිධානය කළේ . මේ අය හදන්නෙ යළි භිෂණය සරසවිය තුල ඇති කරන්න එයට අප ඉඩ ලබා දෙන්නෙ නැහැ ’’ යැයි චන්දන මහතා වැඩිදුරටත් පැවසිය .