අසල්වාසියෙකු විසින් තියුණු ආයුධයකින් එල්ල කරන ලද ප්‍රහාරයකින් වම් අත වෙන්වනසේ කැපි බරපතල තුවාල ලබා රෝහල් ගතව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකු අද උදේ කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය ,යටගල කන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ කේ.ඩී. අසේල සම්පත් නැමැත්තෙකි.
අසල්වාසි නිවැසියෙකු හා මොහු අතර කලක් තිස්සේ පැවති ආරවුලක් දුරදිග යාමෙන් එම නිවැසියා හා තවත් දෙදෙනෙකු එක්වී ඊයේ (25දා) සවස තියුණු ආයුධයකින් මොහුගේ වම් අත වෙන් වෙන්නම කපා ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.
සිද්ධියෙන් වම් අත වැලමිට අසලින් කැපී වෙන්වීමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි තුවාලකරු කැපී වෙන්වූ අතද සමග 1990 ගිලන් රථයකින් ප්‍රථමාධාර දෙමින් ඇල්පිටිය රෝහලටත් එතැනින් කරාපිටිය රෝහලටත් ඇතුළත් කළ බව පොලිසිය කියයි.පසුව ශල්‍ය කර්මයක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබියදී මොහු මියගොස් ඇතිබව පොලිසිය පැවසීය.
මෙම තුවාලකරු යටගලකන්ද ප්‍රදේශයේ සිය නිවසින් පිටව වෙළඳ සලකට යන අතරමගදී මෙම සිද්ධියට මුහුණ පා ඇති අතර ඔහුගේ අත කැපූ පුද්ගලයා හා අනිත් දෙදෙනා සිද්ධියෙන් පසු පලා ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
මියගිය තැනැත්තා හා මෙම සිද් ධියේ ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ලෙස කලකට පෙර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ එකට නේවාසිකව සිට පුනරුත්ථාපනය වී සිට පැමිණි අය බවත් පොලිසිය පැවසීය.
මේ පිළිබඳව ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එල්.කීර්තිසිංහ ,අපරාධ විමර්ශන ස්තානාධිපති හර්ශ සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.