ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතර පළාත් පාලන අයතන සංඛ්‍යාවක් වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අත ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.
මෙහිදී පක්ෂයට වාසි දායක පළාත් පාලන අයතන වෙත ඔවුන් අත ලකුණින් තරග කරනු ඇත. එසේම පසුගියදා හෙලිකොප්ටර් ලකුණ යටතේ සන්ධාන ගත වූ ජනතා නිදහස් සන්ධානය යටතේද පළාත් පාලන ආයතන කිහිපයක් වෙත තරග කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.