ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවත් ඉදිරි පැය 36 තුළ එම පද්ධතිය ශ්‍රී
ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ හා උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් ඒම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළ වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.