අඩු ආදායම්ලාභී දරුවන්ට නොමිලයේ දෙන්න තිබූ පොත් පොත් සාප්පුවක අලෙවි කරලා
මීගමුව නගර සභාව විසින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් නොමිලයේ බෙදා හැරීමට තිබූ පොත් තොගයක් අලෙවි කිරීම සඳහා පොත්සාප්පුවක තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“මීගමුව පොලිස් ස්ථානය මගින් මීගමුව නගරයේ පොත්සාප්පුක තිබී නගර සභාව මගින් නොමිලයේ බෙදා දීම සඳහා පොත්පත් 298ක් සොයාගෙන තිබෙනවා.
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා මීගමුව නගර සභාව විසින් බෙදා දීමට තිබූ පොත්පත් තොගයක් මීගමුව නගරයේ පොත් සාප්පුවක අලෙවි කිරීමට තිබෙන බවට ලද පැමිණිල්ලකට අනුව මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
මීගමුව නගර සභාවේ ලාංඡනයත් සමග තිබූ මෙම පොත්පත් තොගය සමග අදාළ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නොමිලයේ ලබාදීමට තිබූ පොත්පත් පොත් සාප්පුවට අලෙවි කළ පුද්ගලයන් සොයාගෙන තිබෙනවා. මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
