සෙවනගල පොලිස් වසමට අයත් මහගම ඌරුසිටාවැවේ අටේ ඇලේ දියනාමින් සිටි නව හැවිරිදි දරුවෙකු ඊයේ (05දා) දියේ ගිලී මියගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හක්මන නරවල්පිට බටහිර පෑලගහවත්ත පදිංචි නම්මුණිආරච්චිගේ දසුන් ඉඳුවර සමරවීර නැමති දරුවෙකි.
මෙම දරුවා මහගම සුභද්‍රාරාම විහාරස්ථානයේ ඤාණාලෝක පිරිවෙනේ ඉගෙනුම ලබන අතර පැවිදිවීමට අපේක්ෂාවෙන් සිටි අයෙකි.
විහාරාධිපති ස්වාමීන්වහන්සේ ඇතුළු සාමණේර ස්වාමීන්වහන්සේලා දොළොස් නමක් මෙම ළමයා සමඟ දියනෑමට ඇලට ගොස් ඇත.
ඇලේ දියනාමින් සිටියදී දරුවා ඇලේ පහළට ගසාගෙන ගොස් දියේ ගිලී ඇත.
ළමයා ගොඩගෙන සෙවනගල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒවන විටත් ළමයා මියගොස් සිටි බව පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. දරුවාගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය අද (06දා) ඇඹිලිපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
මොනරාගල සුමනසිරි ගුණතිලක