අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය සදහා අභිනවයෙන් තේරී පත් වී ඇති නාහිමියන්ගේ පදවි ප්රාප්ත උත්සවයට සහභාගී වීම සදහා තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු අද (27දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එම පිරිස අද (27දා) උදෑසන 10.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට , ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
මෙම පිරිස ශ්රී ලංකාවේ දින 04 ක කාලයක් ගත කිරීමට නියමිත අතර ඔවුන් අනුරාධපුරයේ පැවැත්වෙන මෙම උත්සවයෙන් අනතුරුව මහනුවර දළදා මාළිගාව වන්දනා කිරීමට ද සැළසුම් කර තිබේ .
මෙම තායිලන්තය බෞද්ධ දූත පිරිස පිළිගැනීම සදහා අනුරාධපුර අටමස්ථානයේ දායක පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

