අඟුනකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක් තුළ සිය සරමෙන් ගෙළ වැලලාගෙන මියගොස් සිටි රැඳවියකුගේ මළ සිරුරක් ඉකුත් 29වනදා හමුවී ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම චෝදනාව යටතේ මාතර පොලිසිය මගින් අත්අඩංඟුවට ගෙන නිරෝධායනයට යොමුකර සිටි මාතර තුඩාව පොල් පිටියේ පදිංචි ටී.කේ.කසුන් කාවින්ද (20)යන අයයි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ඊයේ(30) පැවැත්වීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අඟුණකොළ පෑලැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වලස්මුල්ල තිලක් මනම්පේරි