අග්‍රහාර වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත් ලබාදීම සඳහා වන අයවැය යෝජනාවක් ක්‍රියාවට නැංවීමට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මුලික්ත්වයෙන් පියවරගෙන තිබේ.
මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා 2018 වසරේ අයවැය යෝජනා මගින් රුපියල් මිලියන පනහක මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇති අතර ඒ පිළිබඳ සාකච්ජාවක් ඊයේ (31දා) අරලියගහ මන්දිරයේදී අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අග්‍රහාර වෛද්‍ය රක්ෂණාවරණය දැනට 2016 වසරින් පසු විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වන අතර, 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකන් සඳහා මෙම වෛද්‍ය රක්ෂණාවරණය ලබාදීමට අපේකෂා කරයි.
එහිදී අග්‍රහාර රක්ෂණාවරණය ලබාගැනීම සඳහා ප්‍රතිලාභීන් ලබාදිය යුතු දායකත්ව මුදල පිළිබඳ සහ රක්ෂණාවරණය මගින් ඔවුන්ට සැලසෙන සහන පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබීය. තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ජාතික රක්ෂණ භාර අරමුදල, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන් සඳහා ගෙවනු ලබන මෙම රක්ෂණ වැඩසටහන මගින් රක්ෂණලාභීන් සඳහා වාසි රැසක් ඇතුළත්ව ඇති අතර එය සෙසු රක්ෂණ ක්‍රමවලට වඩා සුවිශේෂී මෙන්ම විශ්‍රාමිකයන්ට වාසිදායක ක්රමයක්ද වනු ඇත. එනම් සියලු වෛද්‍ය අවශ්‍යතා සඳහා රක්ෂණ මුදල් ලබාදීමත් වයස් සිමාවකින් තොරව ජීවිතාන්තය දක්වාම රක්ෂණ ප්රතිලාභ ලැබීමට උරුමකම් කීමත් මගින් මෙය සුවිශේෂී වෙයි.
ඒ අනුව පෞද්ගලික රෝහල් මගින් ප්‍රතිකාර ගැනීමටත් ඊට අදාළ වෛද්‍ය පරීක්ෂණ සහ ගෙවීම් සඳහා මෙමගින් ප්රතිලාභ හිමිකරදිමටත් යෝජනාකර ඇත. එසේම නිවසේදී හෝ රජය අනුමැතිය සහිත පුද්ගලික ආයුර්වේද රෝහල්වල නේවාසිකව රැඳී සිටිමින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහ රජයේ රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදීද මෙම ප්රතිලාභ හිමිවනු ඇත.
එමෙන්ම හෘද සැත්කම් පුද්ගලික රෝහල් මගින් සිදුකිරීමේදී, පිළිකා රෝගී තත්ත්වයන්ට මෙන්ම වකුගඩු, අක්මාව සහ මොලය ආශ්රිත සැත්කම් සඳහාද මෙමගින් රක්ෂණාවරණය හිමිවනු ඇත. ශ්‍රවණාධාර ලබාගැනීම, අක්ෂි ශල්‍යකර්ම සඳහා මෙන්ම සදාකාලිකව සිදුවන පූර්ණ ආබාධිත තත්ත්වයකදී මෙන්ම හදිසි අනතුරකදී හෝ ස්වභාවිකව සිදුවන මරණයක් ඇතුළු අවස්ථා රැසකදීම පුළුල් රක්ෂණාවරණයක් මෙමගින් හිමිවනු ඇත.
