අග්රමාත්ය කාර්යාලයේ වියදම් කපයි
අග්රාමාත්ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් අනුව අග්රාමාත්ය ලේකම් සමන් ඒ්කනායක මහතා මෙම පියවර ගෙන තිබේ.
මීට අමතරව අග්රාමාත්ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙක් ආපසු මුල් ආයතනවලට යවා ඇති අතර වෙනත් රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16 ක් ආපසු බාර දී තිබේ.
කුඩා සේවක මණ්ඩලයක් සහ සීමිත සම්පත් මගින් අග්රාමාත්ය කාර්යාලයේ රාජකාරී කටයුතු සිදු කර වියදම් කපා හැරිමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අග්රාමාත්ය ලේකම්වරයා කටයුතු කරගෙන යන බව වාර්තා වෙයි.
popular news
-
Deepal Nirosh Wednesday, 18 May 2022 05:32 AM
ආරම්භක පියවර ඉතා හොඳ ආදර්ශයක්, හැබැයි මේ අඩුකරපු නිලධාරි ගණන ආයි පුරවන එකක් නැහැ නේද?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

