අගමැති රනිල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය අත්හිටුවමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මහත්මිය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තින්දු කළේය.
ඒ එම පෙත්සම සම්බන්ධයෙන් එල්ල වූ මූලික විරෝධතා පිළිබඳව අවධානය යොමුකරමිනි. ෂිරාන් ගුණරත්න හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල යටතේ මෙම පෙත්සම විභාගයට ගැනිණ.

popular news
-
ලංකාපුත්‍ර Wednesday, 22 May 2019 07:15 AM
අගමැතිතුමාගේ මවගේ පියා ඇරඹූ ලේක්හවුස් ආයතනය (1970-1977) සමගි පෙරමුණු රජය විසින් ජනසතුකලා.එතැන් සිට එය රජයේ දේපලක්.වැඩි කොටස් ප්‍රමානයක් රජය සතුයි කියල අහල තිබෙනවා.ඉතින් රජයේ ආයතනයකින් රජයට මිළදී ගැනීම් කිරීමේ කිසිම වැරැද්දක් නොමැතිබව තේරුම් ගැනීමට නොහැකි කෙනෙකු ජනතා නියෝජිතයෙකුවීමට කෙසේවත් සුදුසු නැහැ.මෙවැනි නූගතුන් දේශපාලනයෙන් ඉවත්කරන තුරු ශ්‍රීලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්වේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

