අගමැති ඉල්ලා අස්නොවිය යුතුයැයි තීන්දුව ජනපතිට කියන්න යයි
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ප්රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව තීන්දු කළහ. අග්රාමාත්යවරයා සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (27) දින පැවැති හමුවේ දී ඔවුන් මෙම තීරණයට එළැඹිණි.
දිස්ත්රික් නායකයෝ සහ පළාත් පාලන ආයතන ප්රධානීහු මෙම හමුවේදී රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළහ.
මහින්ද රාජපක්ෂ මහතා බහුතර බලයක් සහිතව මහජන ඡන්දයෙන් පිහිට වූ ආණ්ඩුවේ අග්රාමාත්යවරයා බවත් ජනතා පරිමාධිපත්යට හිස නමන්නේ නම් අග්රාමාත්යවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කළ යුතු බවත් මෙහිදී ප්රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව කියා සිටියහ.
ඒ අනුව අදාළ තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී දැනුම් දීමට ද ප්රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු මෙහිදී තීන්දු කළහ.
මහින්ද රාජපක්ෂ නාමය හා ප්රතිරූපය භාවිත කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන්ට අග්රාමාත්යවරයා ආරක්ෂා කිරීමේ වගකීමක් මෙන්ම යුතුකමක් ද ඇතැයි කී පළාත් පාලන ආයතන ප්රධානීහු රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති මෙවන් මොහොතක ආණ්ඩුව අස්ථාවර කර ස්වාධීන වීමට කිසියම් මන්ත්රීවරයකුට සදාචාරාත්මක අයිතියක් නැතැයි කියා සිටියහ.
එසේ ස්වාධීන වීමට ආණ්ඩුවේ කිසියම් මන්ත්රී පිරිසක් ක්රියා කරන්නේ නම් බිම් මට්ටමේ ජනතාව ඔවුන්ට ප්රතිචාර දැක්වීමට සූදානම්ව සිටින බව සිහි තබාගත යුතු යැයි ද ප්රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු කියා සිටියහ.
මේ අතර රට හමුවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය ජයගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට පමණක් බව කී මෙම නියෝජිත පිරිස, දුෂ්කරතා හමුවේ මෙවැනි අභියෝග ජයගත් ඉතිහාසයක් ඇත්නම් ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තුළ පමණක් බව ද අවධාරණය කළහ.

popular news
-
Sameera Thursday, 28 April 2022 06:22 AM
Samastha rate rajya yanthranaya wenasviya uthui. *siyalu 225 manthri lata 1 vahanayak pamanak labadiya uthui. * Parliament canteen eka iwath kara siyalu dena gedarin kama eka genna ona. *siyalu rajya ihala niladaringe thel aduwen pichchena wahana diya uthui. *siyalu rajya niladarin eka thalayakatA genna uthsaha kalauthui. *rajaye saha desapalana inge siyalu anawashya de iwath kala uthui. Stuthi.....
Reply : 0 0
Piyal weerasinghe Thursday, 28 April 2022 03:51 PM
මුළු රාජපක්ෂ වරුන් මේ රටින් අතුගා දැමිය යුතුයි .අවුරුදු 2 ක් තුළ mමේ රට වල පල්ලට අද දැමූ නිසා .
Reply : 0 0
Piyal weerasinghe Thursday, 28 April 2022 03:51 PM
මුළු රාජපක්ෂ වරුන් මේ රටින් අතුගා දැමිය යුතුයි .අවුරුදු 2 ක් තුළ mමේ රට වල පල්ලට අද දැමූ නිසා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

