අග්‍රාමාත්‍ය හරිි අමරසූරිය මෙනවිය ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
ඇය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු එක් වී සිටි අතර , ඔවුන් 10/16 දින අලුයම 12.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 191 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබුණි .
ඉන්දියාවේ පැවැත්වෙන එන්.ඩී.ටී.වී.නැමති සමුළුවක ප්‍රධාන දේශනය පැවැත්වීම ද අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කිරීමට නියමිතය. මෙම පිරිස 10/18 දින සිය ඉන්දීය සංචාරය නිමා කර ආපසු මෙරටට පැමිණීමට නියමිතය.