අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්විය යුතු බව චරිත හේරත් කියයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී නව අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදිය යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මෙන්ම කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනා සඳහා එකඟ වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම වර්තමාන අර්බුදය විසඳා ගැනිම වෙනුවෙන් වූ යොජනා 6ක්ද ඔහු ඉදිරිපත් කර තිබේ.
වර්තමාන රජය ඉල්ලා අස්වීම, අන්තර්වාර රජයක් මාස 6-8ක කාලයක් සඳහා පිහිටුවීම, අයි.එෆ්.එෆ්. සාකච්ඡා කඩිනම් කිරීම, විපක්ෂය ඉදිරිපත් කර ඇති 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබඳව සාකච්ඡා කිරිම, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මාස තුනක් තුළ සම්මත කිරීම, මාස 8කට පසුව මැතිවරණයක් පැවැත්විස යන යෝජනා ඔහු මෙසේ ඉදිරිපත් කර තිබේ.
popular news
-
sg Sunday, 24 April 2022 06:13 PM
Great, an academic with reality at the parliament.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

