රටේ අගමැතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර පිළිබදව කිසිවෙකුට නියෝග කළ නොහැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අගමැතිවරයාගේ ඉතාලි සංචාරයේදි ශ්රද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ බැහැදැකිමේ සුදානමක් සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“මම දන්නේ නැ කාදිනල් හිමිපාණන් එහෙම කිව්ව කාරණය මොකද අගමැතිතුවා නොයෙක් වතාවල පාප් වහන්සේ මුණ ගැහිලා තියෙනවා.ආරාධනාවලට ගිහිල්ලා මුණ ගැහිලා තියෙනවා. මේ වේලාවේ එතුමා මුණ ගැහෙන්න යන්න අදහසක්වත් සැලසුමක්වත් තිබුනේ නෑ”.