ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍යෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2021.02.13 දින පෙරවරුවේ පැවැත්විණි.
මහා සංඝරත්නයේ ආශීර්වාදය ඇතිව බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තැන්පත් කෙරෙන පූජා වස්තු සහ මුල්ගල සියතට ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එය ඉටු කිරීම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂට භාර කළේය.
ඒ අනුව බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ කටයුතු සුභ මොහොතින් ආරම්භ විය. බෙල්ලන්විල බෝධීන් වහන්සේ ශ්‍රි මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධි අංකුරයකින් රෝපිත බව සඳහන්ය.
මෙම ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීම යුද්ධය අවසන් කොට මේ රටට සාමය උදාකළ නායකයා අතින් ආරම්භ කිරීමට ලැබිම භාග්‍යයක් බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ මෙම අවස්ථාවේ අනුශාසනාවක් පවත්වමින් අභියෝග හමුවේ නොසැලෙන නායකයකුවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට කවුරුන් කුමක් කිව්වද රට වෙනුවෙන් කළ යුතු කාර්යය ඉදිරියටත් එලසින්ම ඉටු කිරීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව පැවසූහ.