අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිටායේ තිරිමාලාහි වෙන්කටේස්වර කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අගමැතිවරයා හෙට (02) හා අනිද්දා (03දා) ඉන්දීය සංචාරයකට එක්වීමට නියමිතය.
අගමැතිවරයා ඇතුළු පිරිස 02 දා චෙන්නායි නුවරට පැමිණීමට නියමිත අතර 03 දා ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිතය.
එම ආගමික වතාවත් නිම වීමෙන් පසුව එදිනම යළිත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ඩෙකෑන් ක්‍රොනිකල් ඇසුරෙනි